අද සිට වැස්ස වැඩිවෙයි

අද සිට දිවයිනේ පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වර්ෂාපතනයේ වැඩිවීමක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු වැසි ඇතිවීමේ හැකියාව පවතියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

