අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේත් අනුරාධපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාරකිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

COMMENTS