මැතිව්ස් ,චන්දිමාල් වාඩුව ගනී දකුණ හාන්සි කරවා , කොළඹ දිනුම් ….
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 41ක ජයක් හිමිකර ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත් විය.
එම තරගය පන්දුවාර 18කට සීමා වු අතර පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 07ක් දැවි ලකුණු 162ක් ලබාගත්තේය.
එහිදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 36ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් සමිත් පටෙල් සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් දවාගත්හ.
පිළිතුරු ඉනිම සහා පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 16 පන්දු 5ක් තුළ සියලු ක්රිඩකයින් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 121ක් පමණි.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාබියා වුයේ කුසල් මෙන්ඩිස් වන අතර ඔහු පන්දු 39කට මුහුණ දෙමින් ලකුණු 64 රැස් කළේය.
පන්දු යැවීමේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් නවීන්-උල්-හක් කඩුලු 3ක් දවා ගත් අතර සීක්කුගේ ප්රසන්න සහ රවී රාම්පෝල් කඩුලු 2ක බැගින් දවාගත්තේය.