රට යළි වසා දැමීමේ අවශ්‍යතාවක් නෑ
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ ( 17 ) මහනුවර දී මාධ්‍යවෙත අදහස් පළ කරමින් කියා සිටියේ රට යළි වසා දැමීමේ අවශ්‍යතාවක් එළඹී නො මැති බවයි.
එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ විදේශිකයා මෙරට සංචාරය කළ ස්ථාන සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.
කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ, ඔමික්‍රෝන් ආසාදිත විදේශිකයා හැර මෙරටින් වාර්තා වූ සෙසු සියලු ඔමික්‍රෝන් ආසාදිතයින් මේ වනවිට සුවය ලබා ඇති බවයි.
මොවුන්ට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ වාර්තා වූ දිනට සති 2කට පමණ පෙර බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියා.
ඔහු සඳහන් කළේ, එම ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා සිදු කරන ජාන විශ්ලේෂණ පරීක්ෂණයේ වාර්තාව ලැබීමට සති 2ක කාලයක් ගත වීම හේතුවෙන් ඔමික්‍රොන් ආසාදිතයින් හඳුනා ගැනීම මෙලෙස ප්‍රමාද වන බවයි.
එමෙන්ම සියලු කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල ඔමික්‍රෝන් හඳුනාගැනීමට අදාළ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාවක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා..
මේ අතර කොරෝනා පරීක්ෂණ සඳහා ලබා ගන්නා සෙම් පටල සාම්පල පරීක්ෂා කිරීම සඳහා ඉහළ මට්ටමේ රසායනාගාර පහසුකම්වලින් යුත් නම් කරන ලද විශේෂිත මධ්‍යස්ථාන 4ක් වෙත යොමු කරන ලෙස දන්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඒ ඒ පළාත්වලින් ලබා ගන්නා සාම්පල ඊට අදාළ ව දී ඇති මධ්‍යස්ථාන වෙත යොමු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.