සත්‍තු වත්තකින් වෘක රංචුවක් පැනගිහින්
![සත්‍තු වත්තකින් වෘක රංචුවක් පැනගිහින් සත්‍තු වත්තකින් වෘක රංචුවක් පැනගිහින්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/zoo.jpg)
වෘකයින් රංචුවක් පළායාම හේතුවෙන් දකුණු දිග ප්‍රංශයේ ‘ට්‍රොයිස් වැලීස්’ සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබෙනවා.
වෘකයින් 09 දෙනෙකුගෙන් යුත් රංචුවක් මෙලෙස සත්වෝද්‍යානයේ කූඩුවලින් පළාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාල වෘකයින් කූඩුවලින් පැන යාමත් සමඟ ආරක්ෂක අංශ වලින් වෙඩි තබා වෘකයින් සිව්දෙනෙකු ඝාතනය කර තිබෙනවා.
මෙම සතුන්ගෙන් මිනිස් ජීවිතවලට එල්ල විය හැකි හානිය වළක්වා ගැනීමට මෙම පියවර අනුගමනය කළ බවයි ප්‍රංශ ආරක්ෂක අංශ පවසන්නේ.
තවත් වෘකයින් පස්දෙනෙකු නිර්වින්දනය කර ඇති බවයි වාර්තා වන්නේ.