BPL තරගාවලියට ලංකාවෙන් 8ක්, ධනුෂ්ක කෝටි එකහමාරකට අධික මුදලකට මිලදී ගයි
බංග්ලාදේශ් ප්රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රීඩකයින් 8 දෙනෙක් තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.
මෙවර BPL තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර “Universal Boss” ලෙස ප්රකට ක්රිස් ගේල් ද මෙවර තරගාවලිය සඳහා එක්වෙයි.
ඔහු Fortune Barishal කණ්ඩායම වෙන්වෙන් ක්රීඩා කිරීමට නියමිතය.
එසේම ෆබ් දු ෆ්ලෙසිස්, මොයීන් අලි, සුනිල් නාරයින්, ඔබෙඩ් මැකොයි සහ අල්සාරි ජෝසෆ් වැනි ක්රීඩකයෝද මෙවර BPL තරගාවලිය සඳහා එක්වෙති.
Khulna Tigers: තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්රසන්න
Fortune Barishal: ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල
Cumilla Victorians: කුසල් මෙන්ඩිස්
Sylhet Sunrisers: දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා
එමෙන්ම ශ්රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන ධනුෂ්ක ගුණතිලකව ෆෝචූන් බැරිෂාල් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබෙනවා.
ඇමෙරිකානු ඩොලර් 75,000ක මුදලකට ධනුෂ්ක ගුණතිලකව ෆෝචූන් බැරිෂාල් කණ්ඩායම විසින් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එය මෙරට මුදලින් රුපියල් කෝටි එකහමාරකට අධිකයි.
කණ්ඩායම් 06ක් එක්වන බංග්ලාදේශ ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලිය ජනවාරි 21 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.