“නියඟෙක දැවෙන කුඹුරකි මම” ආදිවාසී නායකගේ නැසීගිය බිරිය වෙනුවෙන් ගීතයක්

“නියඟෙක දැවෙන කුඹුරකි මම” ආදිවාසී නායකගේ නැසීගිය බිරිය වෙනුවෙන් ගීතයක්

දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ නැසී ගිය භාර්යාව වන හීංමැණිකා මාතාව සිහිකරමින් රචිත ‘නියඟෙක දැවෙන කුඹුරකි මම’ ලෙසින් නිර්මාණය වූ නව ගී නිර්මාණයක් පසුගිය 23දා උදෑසන දඹාන කොටබකිණිය ගම්මානයේදී ආදිවාසී නායක වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජනගත කෙරුණා

රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය සංජය ප්‍රනාන්දු මහතා මේ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කර ඇති අතර, ගී පදවැල් මීරිගම, කල්එළිය, හාපිටිගම පදිංචි ඉන්ද්‍රානි කාන්ති මහත්මිය විසින් රචනා කර තිබු අතර, රඹාවැව, පුත්තලම පදිංචි සුරංජන් මහේෂ් අබේසිංහ මහතා විසින් ගායනා කර තිබෙනවා. ගී තනුව හා සංගීත නිර්මාණය කල්පිටිය, මීරිගම පදිංචි නාලක අංජන කුමාර මහතා විසින්. ගී පදවැල් ලියූ රචිකාවිය කාව්‍ය රචිකාවයක් වන අතර ඇය ෆේස්බුක් සමාජ සමූහයන් රැසක් සඳහා කාව්‍ය නිර්මාණ පළ කරමින් ප්‍රසාදයට පාත්‍ර වූ රචිකාවියක්.

ආදිවාසී නායකගේ බිරියගේ වියෝව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග ඇයගේ සිතේ පහල වු කවි සංකල්පනා පසුව ගීතයක් බවට පරිවර්තනය කර තිබෙනවා.

එම ගීතය නිර්මාණකරුවන් විසින් ප්‍රථම සංයුක්ත තැටිය ආදිවාසී නායක වන්නිල ඇත්තන්ට පිළිගැන්වීමෙන් අනතුරුව, ගීත නිර්මාණය අන්තර්ජාලයට මුදාහැරීම සිදුකෙරුණා.

– මෙය උපුටා ගැනීමකි –