නීලා වික්රමසිංහ ගැන දයාන් තැබූ සටහන
නීලා වික්රමසිංහ මහත්මියගේ දේහය ඊයේ (27 ) තුර්කි ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා
ඉතාලියේ දී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතක්ෂයට පත්වුණා
දේහය අද (28) සවස හයෙන් පසු පැපිලියාන දෙහිවල පාරේ අංක 85, 1/B දරණ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(29) දින ආගමික වතාවත්වලින් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව දයාන් විතාරණ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
” ඇසිපිය නොහෙළන පමණින් ” නමින් ගීතයක ඇය සමගින් යුග ගායනයේ යෙදෙන්නට මට ඇරයුම් කළා .ඒ අනුව ගීතය පටිගත කෙරුණු අතර 2004 වසරේ පැවති ඇගේ “මාස්ටර් සර් ” ප්රසංගයේදී එම ගීතය මුල් වරට එළි දැක්වනු ලැබීය. ඇය අප අතර නැති බව තවමත් මා හට අදහා ගත නොහැකිය .ඇයට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවා යි පතමි
ආදරණීය නීලා අක්කාට සසර ගමන ඉක්මනින් නිමාකොට නිවනින්ම නිවී සැනසෙන්නට පිංපෙත් පමුණුවමි !!!