අන්ත­ර්ජා­තික සම්මාන ගත් දීපා මේතාගේ FUNNY BOY දැන් ලංකාවේ

අන්ත­ර්ජා­තික සම්මාන ගත් දීපා මේතාගේ FUNNY BOY දැන් ලංකාවේ

කැනඩාවේ වාසය කරන ලෝක සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකේය ලේඛකයකු වන ශාම් සෙල්වදොරේ විසින් රචිත සම්මානිත කෘතියක් වූ Funny Boy නවකතාව පාදක කොටගෙන දීපා මෙහෙතා විසින් අධ්‍යක්ෂණය කළ Funny Boy චිත්‍රපටය කැනඩියානු සිනමා උලෙළේ (Canadian Fiml Festival) දී සම්මාන ත්‍රිත්තවයකින් පිදුම් ලබා තිබෙනවා.

Funny Boy නමින්ම නම් කෙරුණු මේ චිත්‍රපටයේ තිර රචනය දීපා මේතා සහ ශ්‍යාම් සෙල්වදුරෛ එක්ව රචනා කොට තිබෙනවා. ශ්‍රී ලාංකික ශිල්පීන් පිරිසක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ ශිල්පීන් දායක කරගනිමින් එම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. Brandon Ingram, රෙහාන් මුදන්නායක, නිම්මි හරස්ගම, Hidaayat Hazeer, රුවින් ද සිල්වා, ශිවන්ත විජේසිංහ, ඇතුළු ශ්‍රී ලාංකික ශිල්පීන් මෙම චිත්‍රපටයට රංගනයෙන් එක්ව තිබෙනවා.

Funny Boy ශ්‍රී ලංකාවේ සිනමාහල් කිහිපයක තිරගත කිරීම ජනවාරි 28 වැනිදා ආරම්භ කෙරුනා. ඒ අනුව මෙම චිත්‍රපටය තිරගත වන සිනමාහල් සහ දර්ශන වාරයන් පිලිබඳ විස්තර පහතින්

*PVR – One Galleface 11.00am, 12.45pm, 8.15pm
*CCC Scope – 4.00pm, 10.00pm
*ලිබර්ටි- කොල්ලුපිටිය: 1.00pm
*සිටි සිනමා- ගල්කිස්ස: 4.15pm
*රීගල් – කොළඹ: 7.00pm
*රීගල්- දෙමටගොඩ: 1.30pm, 7.30pm
*රීගල්- ගම්පහ: 1.00pm
*රීගල්- නුවරඑළිය: 10.00am

*රීගල්- යාපනය: 10.15am, 7.00pm

Funny Boy | Official Trailer