සාරංගගේ උපන්දිනය දවසේ අම්මා තැබූ ආදරණිය සටහන
කවුරුත් ආදරේ කරන නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර අද උපන්දිනය සමරනවා
රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද්ගේ සැමියා වන්නේද ඔහුයි.
ඒ කොහොම වුණත් තිලකා රණසිංහගේ ආදරණීය පුත්‍රයා ලෙස ඔහු ලබන ආදරයත් එලෙසමයි.
කෙනෙක්ට ලැබෙන උපන්දින සුබ පැතුම් අතරෙ අම්මගෙන් ලැබෙන සුබ පැතුම හරි සුවිශේෂි එකක්.
ඒ නිසාම තිලකා රණසිංහ තම ආදරණීය පුතාගේ උපන්දිනය වෙනුවෙන් මුහුණු පොතට එකතු කළ සුබ පැතුම කාගෙත් සිත් ගත් එකක් වෙලා.
සටහනත් එක්කම ආදරණීය ඡායාරූප කිහිපයකුත් ඇය ඊට එකතු කරගෙන තිබුණා….මේ ඇය තැබූ ආදරණීය සටහන…. “මගේ බබාලා තුන්දෙනාගෙන්. ලොකු බබාගේ උපන්දිනය අද…. ආදරෙයි..මහ ගොඩක්”