ජනප්රිය නිළි දිල්හානිගේ උපන්දිනයට දයාන් විතාරණ තැබූ ආදරණිය සටහන
රිදී තිරයේ ආදරණීය නිළි දිල්හානි ඒකනායක පසුගිය දිනෙක උපන්දිනය සැමරුවා. චිත්රපට ගණනාවක වෙනස්ම චරිත නිරූපණයක යෙදුනු දිල්හානි විවාහ වී සිටින්නෙ ගායන ශිල්පියෙකු වන ප්රියංකර පෙරේරා සමඟ යි.
පසුගිය දා උපන්දිනය සැමරූ දිල්හානි වෙනුවෙන් දයාන් ආදරණීය සටහනක් එක් කර තිබූ අතර, එය පහතින්…
මගේම ඉතාම හිතාදර මිතුරියක වන ඇය මා හඳුනන්නේ මීට 27 වසරකටත් පෙරාතුව සිට ය. එසේ සිතුවහොත් ඇගේ ජීවිතයෙන් හරි අඩක්ම මා ඇය දැන හඳුනා කල්ගත කොට ඇත.
මගේ මව ද ඇයට බෙහෙවින් ආදරය කළ අතර, එකල මගේ මව ඇයට රන් මාලපටක් සහ පෙන්ඩනයක් ද තෑගී කළ සෙනෙහස ඇය මගේ චිත්රාගාරයට පැමිණි විට ද මහත් ගෞරවයෙන් “ආන්ටි මට ගොඩක් ආදරෙයි” යැයි පැවසීය.
බාහිර ආටෝපයෙන් දුරස්ව මහ පොළොව මත පයගසා ජීවත්වන නිළියක වන දිල්ගේ රඟපෑම් දක්නට ලැබෙන්නේ කැමරාව ඉදිරියේ පමණි. තම වයසට සරිලන ලෙසින් ජීවිතය හැඩගස්වාගෙන ඒ වයස් පරාසයේම සිතුම් පැතුම් දරමින් ජීවිතයේ යථාර්ථය වටහාගෙන සිටින ඇගේ නිහතමානීත්වය නිසාවෙන්ම රසිකයන්ගේ නිබඳ ආදරයට ලක්වන්නියකි.
2002 වසරේ මා ගායකයෙක් ලෙසින් කරළියට පියමනින සමයේ “ඩැෆඩිල් මලේ….” ගිතයට ඇය සත පහක් හෝ නොගෙන රූප රචනය රංගනයෙන් හැඩ කළ අයුරු අදත් මගේ මතකයේ ගෞරවාන්විත ස්ථානයක තැන්පත් ය.
එමෙන්ම එම ගීතය මා අද වුවද ඇය සිටිනා තැනක ගයන්නේ නම් ඇය නොපැකිළිව දිව වුත් මා සමග “මේ මගේ ගීය”යැයි පවසමින් රංගනය කිරීම මට අත්කරන්නේ ඉහමත් සතුටකි. මා ඉකුත් වසරේ ඇය මගේ චිත්රාගාරයේ ඡායාරූප ගත කරන විටද මා ඇය සමගින් මගේ “ඩැෆඩිල් මලේ” ගීතය ගයමින් අපූරු රංගනයක් කළ අතර එය මුහුණුපොත තුළ බොහෝ දෙනෙක්ගේ ආදරයට ලක්ව තිබෙනු දුටුවෙමි.
එමෙන්ම අප ගිය මාතර ගමනේ දී පවා මා එම ගීතය ගයන අවස්ථාවන්හි ඇය පිහිනුම් තටාකයේ හිඳිමින් ගීතයට කළ රැඟුමන් ද මා ඡායාරූප ඔස්සේ ඔබ සමග බෙදාගත්තෙමි.
තව තවත් මනරම් සිනමා රංගනයන්ගෙන් අප සනසාලන්නට ආදරණීය දිල්ට සුභාශිංසනය ගෙනෙන අතර තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කලක් සිනමා අඹරේ තරුවක් නොවන තරුවක් ලෙසින්ම වැජඹෙන්නට ඇයට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ඉතසිතින් ප්රාර්ථනා කරමි.
ඔබ තාම මාගේමයි වසත් කල යෞවනියේ ……..
මා, ඔබේ දයා !!