වින්ඩි සිංදු කියයි සනුක රැප් කරයි
මවුපිය උරුමයෙන් ලද මියුරු කටහඬකට උරුමකම් කියන දක්ෂ ගායිකාවක් තමයි වින්ඩි ගුණතිලක කියලා කියන්නේ. ඇය ක්ෂේත්රයේ දක්ෂ ගායකයෙක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා යන ආදරණීය කලා ශිල්පීන් දෙදෙනාගේ බාල දියණියයි. වින්ඩිගේ ආදරණීය වැඩිමහල් සොහොයුරිය තමයි රයිනි චාරුකා කියලා කියන්නේ.
ඒ වගේම සරාගයේ, දුවිලි මාවතේ, අවසන් සටන, චාවෝ මල්ලි වගේ ගීත අහද්දී ඒවා කාගෙද කියලා ආයේ කියන්න ඕනේ නැහැනේ. සනුක වික්‍රමසිංහ කිව්වාම අද ලංකාවම දන්නා සුපිරි ගායකයෙක්
ඉතින් වින්ඩ් සහ සනුක එක්ව අලුත් ගීතයක් එළිදක්වලා තියෙනවා, ඒ “මනාලි” කියන ගීතයයි
මෙම ගීතයේ පද රචනය, තනු නිර්මාණය සහ සංගීතය සනුක වික්‍රමසිංහ විසින් කර තිබෙනවා.
මෙම ගීතය එළිදක්වලා සුළු කාලයක් ඇතුලත විශාල ප්‍රේක්ෂක අවධානය ලබාගෙන ඇති බව පෙනීයයි.
එම ගීතය “My newslanka” හරහා අපි මෙලස ඔබ වෙත ගෙන එනවා.