සිංදු කිව්වත් හරි මනසක නෙවෙයි අපිත් ඉන්නේ – උමාරියා
ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්රයට වෙනස් ආරක ගීත ගයනා කරමින් රසික හදවත් වසඟයට ගත් ගායිකාවක් ලෙස උමාරියා සිංහවංශ හැඳින්විය හැකියි.
ඉතින් ඊයේ ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණ සංවේදී සටහනත් එක්ක මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.
සිය ෆේස් බුක් ගිණුමේ ඇය තැබූ සටහන පහතින්,
ඊයේ පෙරේදා වැඩ වලට පිට රට ආවා, හැබැයි හිත ලංකාවේ. සිංදු කිව්වත් හරි මනසක නෙවේ අපිත් ඉන්නේ. දැන් මාස ගානක් තිස්සේ අපිත් කලකිරිලා, ලංකාවේ අසරණ මිනිස්සු කන්න නැතුව, light නැතුව, තමනගේ දරුවන්ට කිරි දෙන්නවත් විදියක් නැතුව පාරේ ගානේ රස්තියාදු වෙනවා තමන්ගේ පවුල් රකින්න. මේවා හරිද!?
අපේ වගේ සම්පත්, සංස්කෘතිය, භූ දර්ශන, ඉතිහාසය, ආගන්තුක සත්කාරය, ආහාර වලින් පොහොසත් රටක් වෙන කොහෙද..?
මේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳලා තියනවා! අපි එකට එකතු වුණොත් මිසක් අපි කවදාවත් මේකෙන් එලියට එන්නේ නැහැ. හැමදාම නිදහසට කාරණා අහන් ඉන්න පුළුවන්ද?!
මේවා සාමකාමී විරෝධතා මිස විනාශයක් ඇති කිරීමට උත්සාහ කරන අන්තවාදී කණ්ඩායම් නොවන බව පැහැදිලි කිරීමට මම මගේ වේදිකාව භාවිතා කරමි! මේවා මේ රටේ අසරණ බඩගින්නේ සිටින කලකිරුණු මිනිසුන්ගේ හඬයි. මේවා අපේ අයිතිවාසිකම්.
ශ්‍රී ලංකිකයින් වශයෙන් අපි සෑහෙන්න දුක් වින්දා!
දැන් ඇති. රට බේර ගමු!