මධුමාදව, දුලීකාට රිදෙන්න කියයි

මධුමාදව, දුලීකාට රිදෙන්න කියයි

ප්‍රවීණ රංගන ශිල්පිනි දුලීකා මාරපන මහත්මිය පසුගිය දිනක කල ප්‍රකාශයක් සම්බන්ධව මධු මාධව අරවින්ද මහතා ෆේස් බුක් ගිණුමක සටහනක් තබමින් ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කර තිබේ.

එම සටහන පහතින්,

උපුටාගැනීම,

Madhu Madhawa Aravinda ගෙ ගෞරණිය සටහනක්,… …
ආදරණීය කලා කාරිය Dulika marapana මහත්මිය ඔබගේ කතාවේත් තාත්තා ගෙන් ප්‍රතික්ෂේප උන දියනියක් ඔබ
මගෙ කතාවෙත් අවජාතක කියා සමාජය ඉදිරියේ ගැරහුම් ලැබුණු දෙයනියක් මම.
අතුල අධිකාරි මහත්මා සහ සමිතා මහත්මියත් නිර්පාක්ෂික ආදරණීය මිනිසුන් ලොවට ප්‍රශ්න උන මහා ප්‍රශ්නය එ යුවලට ප්‍රශ්නයක් නොවුණු අහිංසක ජිවිත වලට අපහාස නොකර ඔබගේ විරෝධතා කරගෙන ගියා නම් ඉතාම ගෞරවනීයයි නෙද.
විදුලි කොටන වෙලාවට එලියට විසිකරන යකඩ කැල්ලක් වගේ ඔබ දමා ගැසුවේ අහිංසක සහොදර කලා කරුවකුට කියල අමතක උනෙ කොහොමද🙏
දන්නවාද අක්කේ ඔයා කුනු රහට කියන එ කතාව අස්සේ තාත්තා ප්‍රතික්ෂේප කරපු ගොඩක් දරුවන් හුස්ම ගන්නවා මෙ ඔයා මම වගේ එත් අතුල අයිය අදටත් එ අහිංසක දරුවා වෙනුවෙන් වචනයක් වත් කියල නැ.🙏
ඉතින් ඔහු ශ්‍රෙෂ්ඨ තාත්තා කෙනෙක් නෙමෙයිද 🙏
අහිංසක දරුවන් සහ පුද්ගලික පවුල් ජිවත ගාවා නොගන ඔබගේ නිර්පාක්ශික අරගලය ගෙන යාමට ඔබට ජය
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
දේශපාලකයකා සහ
වැරදුන එකා දෙකක්. ..දුලීකා
ඇමතියෙක්ට විරුද්දව කියපු කතාවක දුලීකා මාරපන සහෝදරියගෙන් කියෞන දේ…..
ආයෙ නොකිය ඉමු….
“හිතන්න එපා සේරම අතුල වගේ කියල….”
එහෙම කියද්දි සේරම හිනා උනේ….
ඇමතියට නෙවෙයි… දුලීකා නන්ගියේ…
උද්ගෝශනය එක ඇමතියෙක්ට විරුද්දව….
ප්‍රකාශය කොහෙ හරි හුස්ම ගන්න දරුවෙක්ට , සහ පවුලකට……
ආදරනීය දුලීකා නගේ…
පව් නොකල එකා
පව් නොකල එකී
පලමු ගල ගහපල්ලා…..
නැතිනම් වැරදුන උන්ගෙ තුවාල වලට අනින එක නවත්තමු..
අනුන්ගෙ තුවාල පාරනකොට දැනෙන වීරත්වය.. දිනක අපිටම පාරාවලල්ලක් වෙනවා….
මම දේශපාලනය කරපු එකෙන් ඉගෙන ගත්ත පුරුදුවෙච්ච ලොකුම දේ මගෙ අම්මට අහවල් දේ කොරනව කිව්වත් අකුරු වලින්, කටින් මට සතපහකටවත් ඒ ලියන උන්ව දැනෙන් නැති වීම..
මාව දිරවන් නැති උන්ගෙ ලේ කෝප කරන එක මගෙ ආසම වැඩක්…🤗
හැබැයි හැමෝම එහෙම නෑ….
දුලීකා…..
සන්වේදී උන් හදිසියට, තරහට, කෝපයට මොනව කිව්වත් උන් අනික් අයට වඩා ඉක්මනින්
නිවෙනව…. අත හරිනව…..
හැබැයි උන්ගෙ හිත රිද්දුවම….
උන් අනික් ඔක්කටම වඩා පපුවෙන් කඩා වැටෙනවා…..
පොඩ්ඩට සතුටෙන් හිනා වෙන
ආයෙ ඇස් වලින් කදුලු කඩා ගෙන එන
ආදරේන් වගේම කෙලින් කතා කරන දක්ශ හිත හොද අපේ පරපුරේ එකියක් දුලීකා…..
ඒත් නන්ගියේ….
අපි උද්දච්ච පාලකයන්ට,
අපි තක්කඩි ඇමති ගොබිලන්ට
දමා ගහන්න…….
අපේම එකෙක් එකියක් නොගෙන ඉමු…
තවත් රිදුන හිතකින්
පැරදුන පපුවකින්
වැරදුන තැනකින් අපි අල්ලල දමල හතුරට ගැහුවම….
හතුරා එක්කම අපි දමා ගහන්න පාවිච් හි කල වැරදුන එකා නැත්තම් එකීගෙ තුවාල උන පපුව
මියයනව ලෝකෙට හොරෙන්…..
සත්තයි මේ ලියන මට නම් එහෙම හිත රිදෙන්නෑ….
මට මොකක් හරි මගුලක් ලිව්වම මන් මකල දාල ඌව එලවනව මගෙ බුකියෙන් නමවත් නොබල…
මොකද හෙටත් මට වැරදෙන්න
හෝ හරියන්න පුලුවන්….
ජීවිතේ ඕනෙම මොහොතක අපි මැරෙන්න කලින් අපි ඔක්කටම වරදින්න පුලුවන්…
එක එක විදිහට…..
ඉතිං ගෙට සතුරෙක් ආවම…
අපි අපේම වැටුන දරුවෙක් අරන් ඒ දරුවගෙන් සතාට ගහන්න නරකයි….
කලාවට ආදරේ උන් මොන ලොකු කතා කීවත් හරි සංවේදියි….
අපි කලාවට ආදරේ තමා…
ඒත් අපි ඔක්කම කලාව කලේ බත් ඇටයක් කන්න රුපියලක් හොයාගන්න මිසක්….
ලෝකෙ අල්ලගෙන සක්විති වෙන්න නෙවෙයි නෙ නන්ගියේ….
තියෙන කෝටිය වියදම් කරන්න නෙවෙයි…
පස්සෙ කාලෙක අපි ලොකු උනා…
තවත් ලොකු වෙයි….
සමහර වැරදුන කතාවල හරි තැනුත් පැරදිලා නිහඩව මැරෙනකම් ජීවත්වෙද්දි…..
අපි උන්ගෙ අපි නොදන්න තුවාල…
උන්ගෙරෙදි අස්සට අතදාල කොනිත්තන එක අපි හැමෝම නවත්තමු….
කවදාවත් අමතක කරන්න එපා..
අපි එක පරපුරක මිනිස්සු….
කලාව කරපු අපිත් අපේ කලාව රසවින්ද මිනිස්සුයි… එක පරපුරක්….
වරක් හෝ වැරදුන ,පැරදුන, වරද්දපු , පරද්දපු ,අපි හැමොඉටම ඇති අපි පමනක් දන්න තුවාලයක්…
ඔය කුනු උන ඇමතිල තරම් පාදඩ නෑ
අපේ කාලෙ මිනිස්සු……
හිතන්න එපා අපි ඔක්කම අතුල වගේ කියල කියද්දි……
ගොන් චූන් අදෝනා ගැහැනු හුරේ දමයි….
චීත්ත අදින ඇතැම් පිරිමි ලිගුවෙන් තප්පරයක් හිනා වෙයි…
උබ වගේම ගැහැනියක්
පිරිමියෙක්, දරුවෙක්
අපි කිසිත් නොදන්න කතාවක,
අපිට කොටින්ම ඕනෙම නැති කතාවක අසරන වෙනව නන්ගියේ….
උන් සක්කිලි දේශපාලකයන් තරම් හයිය හිත් තියෙන උන් නෙවෙයි…..
දරුවෙක් ඉන්න ඕනෙ නෑ
දරුවෙක්ගෙ හිත දැනෙන්න…
මගෙ ලග නැති දරුවා එහෙම උනේ ඇයි කියල මන් ලෝකෙට නොකියන් නේ….
මට පරදින්න ඕනෙ හින්ද නෙවෙයි….
මට දවසක් හරි හෙවන දුන්න ගහකට පරදින්න දෙන්න ඕනෙ නැති නිසා……
ගැහැනියක් මිනිහෙක් වෙන් වෙනකොට මොකෙක්වත් දිනන එකෙක් නෑ….
උන් දෙන්නම පරදිනව…
උන්ගෙ දරුවොත් පරදිනව…
එහෙම කියල උන්ව මරා දාන්නද…..
හැමෝම දෙපැත්තකට තුන් පැත්තකට වෙලා
හුස්ම ගන්නව….
ජීවත් වෙන්න….
උන්ව හන්දියකට ගෙනල්ල වීරයො වගේ ගල් වලින්ගහල මරා දමන්න
ඇයි අපි බෝසත්ද….
හැමෝටම එකම විදිහට වරදින් නෑ…
ඒක එක එක විදිහට වෙයි….
අපිට පුලුවන් සතාට ගහන්න…
කැලේට තුවාල නොකර….
මේක ලිව්වෙ…. අපි හැමෝම කොතනක හරි වැරදුන එක කන්දක මිනිස්සු……
අපි හුරේ දාල
අපහාස කරනකොට අපිට අදාල නැති…
අනුන්ගේ තුවාල……
උන්ට රිදෙනවා ඇති….
පවුනෙ බන් නන්ගි…..උන්….
කැලැල් දැක හිනෙහෙන්නො තුවාල නොලද්දෝ…
සමහර කැලල් පෙනෙනව
සමහර කැලැල් නොපෙනෙනවා…..
වැරදි කරපු උන්ට
හොරා කාපු උන්ට
දමා ගහන්න
ගලක් හැටියට
කාගෙ හරි තුවාල වෙච්ච පපුවකින් ගහන්න යන හැම කෙනෙක්ටම කියන්න තියෙන්නෙ…..
කිසිම වැරදුන නැති
කිසිම දවසක පැරදුන නැති
ජීවිතේ බෝසත් ලෙසම ගෙවූ
පත්තිනි අම්මලලෙස ගෙවූ
නුබලා අතරින් පව් නොකල තැනැත්තා….
පලමු ගල ගන්න…..
මදු මාදව අරවින්ද
(පව් කල එකෙක්)