රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් ෂේන් සිං අප්‍රේල් මාසය කැප කරයි
සංවේදනා මහදේ දරා මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා පෙම් චේතනා ඇවිලී ගියා දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා පවනේ පවා මුසුවීගියා මං ගැයුව දුක් ගායනා” සංවේදනා, ආදරේ වේදනා වැනි අපූරු නව යුගයෙ ගීතයන් ගායනා කල නවක පරපුරෙ සුපිරිම ගායන තරුවක් තමයි ෂේන් සිං කියන්නෙ.
ෂේන් ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ආදරයක් ,ජනප්‍රියත්වයක් ලබාගත්තෙ සංවේදනා ගීතයෙන්. ඒ වගේම ස්ටේජ් සංගීත ප්‍රසංග වල ඔහු නැතුවම බැරි ගායකයෙක්. තරුණ කාගෙත් හදවතෙ ගායකයෙක් වන ඔහු ‘ලයින් වන්’ සංගීත කණ්ඩායමේ හිමිකරු වශයෙන්ද කටයුතු කරනවා. ඔහු මේ තරම් ආදරයට පාත්‍ර වී සිටින්නෙ හදවතට දැනෙන්න ගයන්න තරම් හඩකට උරුමකම් කියන නිසයි.
ඉතින් ෂේන් සිං දුක් දුක් විඳින ජනතාව වෙනුවෙන් ඔහු අප්‍රේල් මාසයේ කොපමණ සංගීත වැඩ තිබුණත් කිසිදු සංගීත ප්‍රසංගයකට සහභාගී නොවීමට ඔහු ඇතුළු සංගීත කණ්ඩායම තීරණය කර තිබේ.
ඔහු සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කර තිබේ.
එම සටහන පහතින්,
ජනතාවට නිසි පිළිතුරු ලැබෙන තුරු මෙම අප්‍රේල් මාසයේ කොපමණ සංගීත වැඩ තිබුණත් මම සහ මගේ සංගීත කණ්ඩායම එම වැඩ සියල්ල කල් දැමීමට තීරණය කර ඇත.
හිරු මෙගා බ්ලාස්ට් සහ අනෙකුත් සියලුම සංගීත සංදර්ශන අප්‍රේල් මාසය කැප කර ජනතාව සමඟ ඒ දුක බෙදා ගන්න තීරණය කරා. ජනතාව බඩගින්නේ දුක් විඳින විට අප්‍රේල් මස නැමැති සංගීත කණ්ඩායමක වැඩියෙන්ම වැඩ තිබෙන මාසයක් අතහැර දැමීමට එකග වූ මගේ ලයින් වන් සංගීත කණ්ඩායමට ද මාගේ ගෞරවය. සිංදු කියන්නේ කොහොමද මිනිස්සු දුක් විදිනකොට… සංවිධානය කරපු සියලුම සංවිධායකවරුන්ගෙන් සමාව අයදිමි. අප්‍රේල් මාසය කැප කරනවා කැපකරනවා රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන්