තැබූ බලාපොරොත්තු බොඳ වුණා – රවින්ද්‍ර සහ සහේළි සමාව ඉල්ලයි
තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි.
ඔහු සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
තැබූ බලාපොරොත්තු බොඳ වෙමින් රට දිනෙන් දින අර්බුදයට ඇද වැටුණු බව ද ඔහු සටහන් කර තිබේ.
මේ අතර ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කර ඇත.
ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට පැමිණ ඔහු මේ බව පවසා තිබේ.
එම ගීතය ගායනා කළ සහේළි ගමගේ මහත්මියද ගීතය ගැයීම පිළිබඳව ෆේස් බුක් ගිණුම ඔස්සේ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.