අපිට ඕන දේ ලැබෙනකල් මේක නතර කරන් නැහැ – උමාරා සිංහවංශ
ආණ්ඩුවට විරෝධය පළකරමින් ගාලුමුවදොර දී පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයේ අටවන දිනය අදයි.
මේ වනවිටත් එහි රැඳී සිටින විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.
මේ වනවිට බාල මහළු මෙන්ම විවිධ තරාතිරම වල ජනතාව ඊට එක්වී සිටිති.
අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවට ජනප්රිය ගායන ශිල්පිනි උමරා සිංහවංශ ද එක්ව තිබේ.
ඇය සදහන් කළේ තරුණ තරුණියන්ගේ අපි රටවල් වල ගිහිං ලංකාව නියෝජනය කරනවා. මෙයාලා රට කනවා. මේක මගේ රට. අපිට ඕන දේ ලැබෙනකල් මේක නතර කරන්නේ නැහැ යනුවෙන් පැවසුවාය.