අපේ රටේ සෞන්දර්ය ලෝකෙටම පෙන්වන්න ඊශ්රායල සිනමා කරුවන් ඇවිල්ලා
ඊශ්රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් “ආරුගම්බේ ” නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ශ්රී ලංකාවට පැමිණියහ .
මෙම සිනමා පටය, ශ්රී ලංකාවේ නැගෙනහිර ප්රදේශයේ “ආරුගම්බේ ” මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි .
මෙමගින් මෙරට සෞන්දර්ය ඊශ්රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ බව මෙම කණ්ඩායමේ ප්රකාශකවරයෙක් පැවසීය .
විශේෂයෙන්ම ආරුගම්භේ ප්රදේශයේ මුහුදු වෙරළ ආශ්රිතව සිදු කෙරෙන රළ මත ලිස්සා යාම ( Serfin) ඊශ්රායල ජාතික තරුණයන් මහත් ආස්වාදයක් ලබන ක්රීඩාවක් බවත් , එම තත්ත්වය යුරෝපීය ජාතිකයන් අතර ප්රචලිත කිරීම ඇතුළු ශ්රී ලංකාවේ සිනමා සංචාරක ප්රවර්ධනයක් ( Film Tourism Promotion ) ඇති කිරීම තුළින් ශ්රී ලංකාවට, එම රටවල සිනමාකරුවන් , සිනමා පට නිෂ්පාදනය සදහා මෙරටට ඇද ගැනීම තුළින් විදේශ විනිමය උපයා ගැනීම මෙම සංචාරයේ ප්රධානතම අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .