“ගෝඨාගෝගමේ” කුණු ඇහිඳින තාරුණ්‍යයේ ආදර්ශමත් නළුවා
හිරාන් අබේසේකර කියලා කියන්නේ Life of Pie වෙනුවෙන් පසුගිය ලන්ඩන් ඔලීවියර් සම්මාන උළෙලේදී හොදම නළුවා සම්මානය දිනාගත්තු තරුණයා, අද ගෝල්ෆේස් අරගල බිමේ අපේ රටේ ජනතාවත් සමඟ ආණ්ඩු විරෝධී සටනට එක් වෙලා ඉන්නවා.
එදා ඔහු ලංකාවට ආවේ “මං ආවේ ගෝල්ෆේස් යන්නමයි.” කියලා
සම්මාන ගන්න වෙලාවෙත් ඔහු කියන්නෙ “මට ලංකාවෙ ඉන්න තිබුණා නම්”කියලා. කිව්ව වගේම ඔහු ආවා.
ඉතින් ඔහු අරගල බිමේ කුණු එකතු කරන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල යනවා, එම ඡායාරූපයට යහපත් ප්‍රතිචාර ලැබිලා තිබුණා.
ලංකාවට කීර්තියක් අත් කර දුන් මේ වීරයාට “My newslanka” ඉදිරි අනාගතයට සුබ පතනවා.