ප්රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න දිවිගමනට සමුදෙයි
ප්රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්නයන් අභාවප්රාප්ත වී තිබෙනවා.
සිංහල සිනමාවේ දුෂ්ඨයා ලෙස විරුදාවලිය ලත් විල්සන් කරුණාරත්නයන් සටන් නළුවකු ලෙස ජනප්රියත්වයක් උසුලනු ලැබුවා.
70 /80 /90 දශකයේ සිංහල සිනමාවේ නැතුවම බැරි සටන් නළුවකු ලෙසයි විල්සන් කරු පෙනී සිටියේ. හදවත් නැත්තෝ, ජීවන ගංගා, සරදියෙල්ගේ පුතා, කෝහතුරෝ ඇතුළු ජනප්රිය චිත්රපට රැසක ඒ මහතා සිය දක්ෂතා දැක් වුවා. මිය යන විට 79 වන වියේ පසූ වූ විල්සන් කරුණාරත්න කලක් රෝගාතුරව පසු වුනා.
ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතයි.