“ගින්නෙන් උපන් සීතල” අරගල බිමට
‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂනය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කලා අධ්යක්ෂ උදේනි සුබෝධි මහත්මයාට පසුගිය 9 වන දින හිමි වූ වසරේ හොඳම කලා අධ්යක්ෂණයට හිමි සිග්නීස් උත්තමාචාර සම්මානය #GotaGoHome2022 ගෝල්ෆේස් අරගලයේ තරුණ කණ්ඩායම වෙත අරගල භූමියෙහිදී ඔහු විසින් පසුගියදා (11) පිළිගන්වා තිබෙනවා.
88-89 අරගල ඉතිහාසය සිහිවනුවස් ද, නූතන තරුණ අරගලය පිළිබඳ ඇගයීම වෙනුවෙන්ද අරගල භූමියේ සියලුම තරුණ තරුණයින් වෙත ඔහු එම සම්මානය පිරිනමන ලද අතර මේ භූමියෙහිද ඉන් පිටතද, ලොව වටා මෙම අරගලයත් සමඟ සිටින සියලුම අරගලකරුවන් වෙනුවෙන් එය ඔවුන් විසින් භාරගෙන තිබුණා.