ඉදිරි දිනවල දී ඩීසල් නැව් තුනක් මෙරටට එන බව ඇමති කියයි
ඉදිරියේදී ඩීසල් නෞකා තුනක් මෙරටට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
එම අමාත්‍යාංශයේ මේ වනවිට (03) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සිටියේ ලබන 8 හෝ 9 එක් නෞකාවක් මෙරටට පැමිණෙන අතර,අනෙක් නෞකාව ලබන 11 ත් 14 අතර දිනයන්හි පැමිණීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් ඩීසල් නෞකාවක් ලබන 15 ත් 17 ත් අතර දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා කියා සිටියා.
ලබන 10 වනදා හෝ ඊට පෙර පෙට්‍රල් රැගත් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා සමාගම් 3 තුනකින් ලිපි ඉදිරිපත් වී ඇති බව ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.