ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා හදිසියේ පැමිණ තිබෙනවා.

ඒ පූර්ව දැනුම් දීමකින් තොරවයි.

ජනාධිපතිවරයා මින් පෙර අවසාන වතාවට පාර්ලිමේන්තුවට වාර්තා කළේ ඉකුත් අප්‍රෙල් 7 වැනි දායි.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේ දී සභාව අමතිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විමසා සිටියේ ජනාධිපතිවරයා සිටියට ඇහැට පෙනෙන්නටවත් නොමැති බවයි.

කෙසේ නමුත් අද පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අසල අසුන්ගෙන සිටියා.

තව ද හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ද අද(05) කලකට පසු පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.