මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කරන්න කැබිනට් අනුමැතිය
කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එලෙස අනුමැතිය හිමිව ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් සඳහායි.
අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කොට තිබුණේ, දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකරගැනීම සඳහායි.
කෙසේ නමුත්, 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර පනත සහ 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මගින් ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන විධිවිධාන පනවා තිබුණත්, 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර පනත යටතේ මෙරට කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබාදිය යුතු වුව ද එම පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කිරීමට කටයුතු කර නැති බව කැබිනට් තීරණ දැනුම් දීමෙහි සඳහන්.
ඒ අනුව දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකරගැනීම අපහසු වී ඇති බවයි ප්‍රකාශ කරන්නේ. මෙම ගැටලුව සඳහා පිළිතුරක් ලෙස, 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.