නිමල් සිරිපාල ඇමතිකමින් ඉවත්වෙයි

නිමල් සිරිපාල ඇමතිකමින් ඉවත්වෙයි

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමඟ සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව පිලිබඳ වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇති.