ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළට
![ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළට](https://www.mynewslanka.com/wp-content/uploads/2022/07/gas-2.jpg)
ලිට්රෝ ගෑස් සමාගම සිය කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 4,860 ක් ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල 4,910 ක් දක්වා ඉහළ යන බවයි එම සමාගම සඳහන් කළේ.
කෙසේ වෙතත් කිලෝග්‍රෑම් පහ සහ 2.5 ගෑස් සිලින්ඩරවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නැහැ.
මේ අතර අනවශ්‍ය ලෙස ගෑස් තොග ගොඩගැසීම වැළැක්වීම සඳහා මැයි මාසය සඳහා වන විදුලි බිල්පත මිලදී ගන්නා අවස්ථාවේ දී ඉදිරිපත් කළ යුතු බව ද ලිට්රෝ සමාගම කියා සිටිනවා.