ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම මෙරටට පැමිණීම නවතී
![ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම මෙරටට පැමිණීම නවතී ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම මෙරටට පැමිණීම නවතී](https://www.mynewslanka.com/wp-content/uploads/2022/07/fly-1.jpg)
ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් තාවකාලික ව නතර කර තිබෙනවා.
එම සමාගමේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජූලි මස 10 වැනි දින සිට නැවත දැනුම් දෙන තුරු ඩුබායි සහ කොළඹ අතර ගුවන් ගමන් අත්හිටුවා ඇති බව යි.
අවලංගු කරන ලද ගුවන් ගමන්වල ප්‍රවේශ පත්‍රවල මුදල් යළි මගීන්ට ලබා දෙන බව ද අදාළ සමාගම තහවුරු කර ඇති බව සඳහන්.