අරගලකරුවන් අද පක්ෂ නායකයන් හමුවෙයි
ගාලු මුවදොර විරෝධතාකරුවන් පිරිසක් සහ පක්ෂ නායකයින් අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු සංකීර්ණයේ දි පැවැත්වීමට නියමිත යි.
ඒ සදහා සහභාගි වීමට විරෝධතාකරුවන්ගේ පාර්ශවයෙන් 25 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙහි දී ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කළයුතු ආකාරය පිළිබඳ විරෝධතාකරුවන්ගේ පාර්ශවයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු කෙරෙනු ඇති.
මේ අතර, සමස්ත ජනතාවගේ අරගලය පාවාදීමට කිසිදු කණ්ඩායමකට ඉඩ නො තබන බව ගාලුමුවදොර ජනතා ව්‍යාපාරය පවසනවා.
එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේ, ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත් ගාලුමුවදොර විරෝධතාව අද 95 වන දිනටත් ක්‍රියාත්මක යි.
එසේම, අරගලකරුවන් ග්‍රහණයට ගත් කොළඹ – කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය හා අරලියගහ මන්දිරය නැරඹීම සදහා ඊයේත් බොහෝ පිරිසක් පැමිණ තිබුණා.