ජනපති සිංගප්පූර්වට ළඟාවීමෙන් පසු අස්වීමේ ලිපිය කතානායකට

ජනපති සිංගප්පූර්වට ළඟාවීමෙන් පසු අස්වීමේ ලිපිය කතානායකට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූර්ව දක්වා යාමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට සූදානම් බවටයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ නිල ලිපිය අද දිනය තුළ ලබාදෙන බවටයි ජනාධිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම්දී තිබුණේ.

අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මේ බව දැනුම් දුන්නා.

https://bit.ly/3nYfQwr

COMMENTS