පුරවැසි අරගලකරුවන් මන්දිරවලින් ඉවත්වීමට තීරණය කරයි

ගාලුමුවදොර විරෝධතාකරුවන් සාමය ඇති කිරීම සඳහා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු තමන් පදිංචි ව සිටි රජයේ ගොඩනැගිලි යළි භාරදීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය පුරවැසි අරගලකරුවන් මේවා ග්‍රහණය කරගත්තේ, ඉකුත් 9 වැනි දා පැවැත්වූ දැවැන්ත අරගලයෙන් පසුවයි.
අගමැති කාර්යාලය ඊයේ පැවති විරෝධතාවයකදී පුරවැසි අරගලකරුවන් විසින් ග්‍රහණයට ගනු ලැබුවා.