ජනපති සටනේදී පොහොට්ටුව සහය දිය යුත්තේ ඩලස්ට – ජී.එල්. පීරිස්
ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත්ව ඇති බැවින් පක්ෂයක් ලෙස සහයෝගය ලබා දිය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තරයෙකුට නොවන බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඩලස් අලහප්පෙරුම මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත්වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා තිබෙනවා.
කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් කියාසිටියේ තම පක්ෂය ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයට කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර නොමැති බවයි.
ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට තීරණය කළ බවයි ඔහු කියාසිටියේ.
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට පොදුජන පෙරමුණේ නායකයන් තීරණයක් ගෙන ඇති බව ඔහු පෙන්වා දෙනවා.
මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම තීරණයට පිටින් ගොස් ජනපති ධුරයට තරග කිරීමට තීරණය කළ ද පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි සාගර කාරියවසම් කියාසිටියේ.