බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින්ට හා සත්ත්ව ආහාර වලට බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ වනවිට බිත්තර පරිභෝජනය ද ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 55 දක්වා වැඩි විය හැකි බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සදහන් කළේ.