ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ, දැන් තත්ත්වය
පසුගිය දෙවැනි දා රාත්‍රි 9:30 ට පමණ අනුරාධපුර තලාව ප්‍රදේශ්යේ දී සිය කැබ් රථය අනතුරට ලක්වීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රංගධර ජැක්සන් ඇන්තනීට කොළඹ ජාතික රෝහලේදී පැය 7ක ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.
මේ වන විට දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති ජැක්සන්ව වෛද්‍යවරු විසින් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වෙනවා.
මේ අතර චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක ඊයේ (28) “නිව්ස් ෆස්ට්” වැඩසටහනට එක්වෙමින් ජැක්සන් ඇන්තනී මහතාගේ දැන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මෙලෙස සංවේදීව පැහැදිලි කළා
“ජැක්සන්ගේ බරපතලකම දැනගෙනම ගත්තේ ඔපරේෂන් කාමරයට, පස්සේ තමයි දැඩි සත්කාර ඒකකයකට දැම්මේ වෛද්‍යවරු දැනගත්තා මේ අනතුර ටිකක් දරුණුයි කියලා. බෙල්ලේ කශේරුකාවන්ගෙන් පහ හය කියන දෙක අතර තමයි පොඩි විසන්ධිවීමක් තියෙන්නේ ශල්‍යකර්මයෙන් පසුව ජැක්සන්ට සිහිය ආවා අපිත් එක්කත් කතා කළා. මම කිව්වේ උඹ සිංහයා උඹ නැගිටින්න ඕනේ, එක සිංහයයි මට ඉන්නේ සිංහයා නැගිටලා එනතුරු මම බලාගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස්වලට කඳුළු ආවා මම මගේ කඳුළු සඟවා ගෙන සිටියා.
හැබැයි එච්චර හොඳින් සිහිය ලබපු ජැක්සන්ට ආයෙත් සිහි නැතිව ගියා, එහෙම වුනේ ඇයි කියලා මම තවමත් දන්නැහැ, සමහරවිට වෛද්‍යවරු දන්නවා ඇති, දැනට හුස්ම ගන්නෙ ස්වසන උපකාරක යන්ත්‍ර මගින් එක එක දේශපාලන හේතු පෙරදැරි කරගෙන බොහොම දුෂ්ට විදියට කතා කරන අමනුස්සයෝත් ඉන්නවා ඔවුන්ට මනුස්සකම් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එක ජැක්සන් කෙනයි ලෝකෙට ඉන්නේ, අපිට ජැක්සන් ඕනේ” යනුවෙන් පැවසීය.
කලාකරුවෙක් වගේම ජැක්සන් ඇන්තනී කියන්නෙ දක්ෂ ගුරුවරයෙක්..My newslanka අපි එතුමන්ට ඉක්මන් සුවය පතනවා!!