සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දෙන්න ඩලස්ගෙන් කොන්දේසි 4ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරන ලද සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට සහය දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ශ්වය කොන්දේසි 4ක් පනවා තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කර ඇත.
ඔහු ඇතුළු කණ්ඩායම ඊයේ (4) ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ අතර, එහිදී අදාළ කොන්දේසි 4 ඉදිරිපත් කර තිබේ.
ආර්ථික ස්ථාවරත්වය අතින් රට තීරණාත්මක මට්ටමක පවතින බව වැටහෙන බැවින් වත්මන් අමාත්‍ය මණ්ඩලයට අලුත් තනතුරු ඇති නොකරන ලෙසට ත් රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සිදු නොකළ යුතු බවට ත් ඔවුන් යෝජනා කර ඇත.
එමෙන් ම, කණ්ඩායමක් ලෙස කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගත්ත ද සර්ව පාක්ෂික ආණ්ඩුවේ අදහසට එකඟ වන ඔවුන් එහි සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තු අනුකමිටු සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කටයුතුවලදී සම්පුර්ණයෙන් සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව ද එහි දැක්වේ.
අධ්‍යාපනය නැවත වසංගතයට පෙර තත්ත්වයට පත් කිරීම ප්‍රමුඛතාවයක් විය යුතු බව ද එම යෝජනා අතර වේ.
අදාළ ට්විටර් සටහන පහතින් දැක්වේ.
