අහස උසට ගිය මාළු මිල

අහස උසට ගිය මාළු මිල

පසුගිය දින කිහිපයට සාපේක්ෂව මේවනවිට වෙළඳපළේ මාළු මිළ ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් 300 මිලකට අලෙවි වු සාලයා කිලෝවක් අද (10) දිනයේදි රුපියල් 1000 හා රුපියල් 1500 අතර මිළකට අලෙවි වන අතර, බලයා සහ කෙලවල්ලා මත්ස්‍ය කිලෝවක මිල රුපියල් 1200 සිට 1500 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වාරකන් හේතුවෙන් ධිවරයින් වැඩිපිරිසක් මුහුදු නොයාම නිසා මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩුවිම විම මිළ ගණන් ඉහළ යාමට හේතු වී තිබෙනවා.