තනි වූ මිනිසකුගේ ජීවිතය වෙනස් කරපු “චාලි”

තනි වූ මිනිසකුගේ ජීවිතය වෙනස් කරපු “චාලි”

සුරතල් ලැබ්‍රඩෝර් සුනඛයකු සහ ජීවිතයේ තනි වූ මිනිසකු අතර ගොඩ නැගෙන සංවේදී සබඳතාවක් පසුබිම් කර ගත් ‘777 චාලි’ චිත්‍රපටය මේ දිනවල සිනමා ලෝලීන් අතර මහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත් චිත්‍රපටයක්.

ඉන්දියානු සිනමාපටයක් වන එය කන්නඩ බසින් නිපදවන ලද්දක්. සිනමා පටයට පසුබිම් වන්නේ වෙනත් කිසිදු ඥාති හිතවතකු නැති ධර්ම නමැති කම්කරුවකු සහ චාලි නැමැති සුනඛයකු අතර ඇති වන සම්බන්ධයයි.

අද වන විට මේ චිත්‍රපටය ලෝකයේ සැලකිය යුතු පිරිසකගේ සිත් සතන් තුළ සත්ව කරුණාව රෝපණය සහ ප්‍රවර්ධනය කිරීමට සමත් ව තිබෙනවා.ඒ සම්බන්ධයෙන් සත්ව අහිංසාවාදීන් තුළ පවතින පොදු මතයක් වන්නේ මෙම සිනමා කෘතිය වීදි සුනඛයන් ගේ “ජීවන මට්ටම”යම් තරමකින් ඉහළ නැංවීමට පවා සමත් වූ භාවාත්මක කලා කෘතියක් බවයි.

කෝටි 20ක පිරිවැයක් දරා නිපදවපු මේ චිත්‍රපටිය මුළු ඉන්දියාව පුරාම සාර්ථකව තිරගත වෙමින් කෝටි 100 කට වඩා ආදායමක් ලබාගන්න සමත්වෙනවා.

කතාව ගැන කිව්වොත්, ධර්මා කියන්නේ තමන්ගේ පවුලේ සියලුමදෙනා අහිම වෙලා ,තනියම ජිවිතේ ගත කරන කෙනෙක්, ඉතින් මෙයා වැඩිය සමාජ ආශ්‍රයක් තියෙන කෙනෙක් නෙවෙයි, හුදකලාවේ ජීවත්වෙන කෙනෙක්, රස්සාවට යනවා ගෙදරට එනවා,මේක තමයි මෙයාගේ සාමාන්‍යය ජීවිතේ, ඉතින් මෙහෙම ඉන්න කොට තමයි, මෙයාගේ ගේ ගාව තියෙන කුනු ගොඩ ගාවට බලු පැටියෙක් එන්නේ, ඉතින් මේ බලු පැටියා ටිකෙන් ටික ධර්මාගේ ගෙදරත් එන්න ගන්නවා.කොහොම බැලුවත් මේ බල්ලව එලවන්න නම් ලැබෙන්නේ නෑ, ධර්මට මෙතනින් එහාට ධර්මාගේ ජීවිතේට මොන තරම් බලපෑමක් වෙයිද කියලා දැනගන්න, චිත්‍රපටය බලන්න වෙනවා.

අවුරුදු 4ක් පුරාවට චාලිව එම චිත්‍රපටය සදහා පුහුණු කර ඇති අතර චාලිව පුහුණු කර ඇත්තේ වෘත්තීය සුනඛ පුහුණුකරුවකු වන ප්‍රමෝද් බීසී විසිනුයි.