බිත්තර ආප්ප කාලත් ඉවරයි

බිත්තර ආප්ප කාලත් ඉවරයි

කෙටි ආහාරයක් ලෙස බොහෝ පිරිසකගේ රුචිකත්වය ඇති බිත්තර ආප්ප මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසයි.

ජා-ඇල හා තදාසන්න ප්‍රදේශ වල මීට ටික කලකට ඉහතදී රුපියල් 50 ත් 60ත් අතර මිලකට අලෙවි වු බිත්තර ආප්පයක මිල මේවනවිට රුපියල් 120 ත් 130ත් අතර මිලකට සාමාන්‍ය ආපනශාලා වල අලෙවි කරනු ලබන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.

බිත්තර ආප්ප මිළ ඉහළ යාමත් සමඟ කෙටි ආහාරයක් ලෙස ජනප්‍රියව තිබූ බිත්තර ආප්ප පාරිභෝජනයද බොහෝ සෙයින් පහළ බැස ඇති බවද ආපනශාලා හිමියන් පවසති.