පාසල් යන වයසේ දරුවන්ට අර්ධකාලීන රැකියා අවස්ථා දීමට රජය ගත් තීරණයට විරෝධය

පාසල් යන වයසේ දරුවන්ට අර්ධකාලීන රැකියා අවස්ථා දීමට රජය ගත් තීරණයට විරෝධය

පාසල් යන වයසේ පසුවන දරුවන්ට අර්ධකාලීන රැකියා අවස්ථා දීමට රජය ගෙන ඒමට යෝජිත නව වැඩපිළිවෙල
හරහා විශාල සමාජ පරිහානියක් සිදුවිය හැකි බවට වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අනතුරු
අඟවා තිබේ.

ඔවුන් ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කරු ණු පැහැදිලි කර තිබුණා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් දැක්වූ අදහස්,

“පාසල් යන වයසේ දරු වන්ට පැ ය 20ක් පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාව ලබා දෙනවලු. නීතිරීති වෙනස් කරනවාලු. අධ්‍යාපනය කඩා වැටිලා තියෙද්දී අධ්‍යාපනය වෙනුවෙන් වැඩපිළිවෙලක් හදනවා වෙනුවට ළමයි රස්සාවට යවන්න හිතනවා නම් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ .” යනුවෙන් පැවසීය.