ජාතික සත්ත්වයා වෙනස් වෙන ලකුණු
ජාතික සත්ත්වයා ලෙස දැනට භාවිතයේ පවතින දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙකු නම් කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව වනජීවී හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට ආවේනික වෙනත් සත්වයෙකු යෝජනා කිරීම සඳහා අවධානය යොමු වී ඇති බවයි.
මේ වන විට භෝග වගාවන්ට වැඩි ම හානි සිදුකරන සත්ත්වයන් දෙදෙනා වන්නේ මොනරා හා දඬුලේනා බව කෘෂිකර්ම අමාත්‍යංශයේ මීට පෙර පැවති සාකච්ඡාවකදී හෙළි වූ බව ත් පොල් හා කොකෝවා ඵලදාව දඬුලේනා අතින් විශාල ප්‍රතිශතයක් විනාශ වන බව අනාවරණය වී තිබෙනවා.
ජාතික සත්ත්වයා ලෙස නම් කිරීම හේතුවෙන් මෙම වගා හානි අවම කර ගැනීමට නීත්‍යානුකූල කිසිදු පියවරක් ගත නොහැකි බැවින් ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී යන සත්ත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.