ආන්දෝලනයට තුඩු දුන් චීන නැව අද හම්බන්තොටට

ආන්දෝලනයට තුඩු දුන් චීන නැව අද හම්බන්තොටට

පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන 7.30 පමණ වන විට හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත යි.

නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු පහසුකම් ලබා ගැනීම සඳහා එය පසුගිය 10 වන දා දිවයිනට ලඟා වීමට නියමිත ව තිබුණ ද එම ගමන කල් දමන ලෙස ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් මෙරට විදේශ අමාත්‍යාංශය පෙරේදා අදාළ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබා දුන්නා.

මෙම නෞකාව ලබන 19 වන දා පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත යි.