අද රෑට අඩුවෙන ගෑස්
![අද රෑට අඩුවෙන ගෑස් අද රෑට අඩුවෙන ගෑස්](https://www.mynewslanka.com/wp-content/uploads/2022/09/gass.jpg)
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් පහත දැමීමට පියවර ගන්නා බව, ලිට්රෝ සමාගම පවසයි.
ගෑස් මිල ගණනය කරන සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම සිදුවන බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේ.
පසුගිය අගෝස්තු මස 9 වනදා ද කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් පහත දැමීමට ලිට්රෝ සමාගම පියවර ගත්තා.
ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 4,664ක මිලකටයි.
කෙසේවෙතත් ගෑස් මිල අඩු වුවත් ආපනශාලවල ආහාර මිල ගණන් අඩු කිරිමට හැකියාවක් නොමැති බවයි සමස්ථ ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.