තෙල් නැතිව ෂෙඩ් වැහෙනවා කියන කතාව බොරු – ලංකා ඛනිජතෙල් සංස්ථාවෙන් නිවේදනයක්
![තෙල් නැතිව ෂෙඩ් වැහෙනවා කියන කතාව බොරු – ලංකා ඛනිජතෙල් සංස්ථාවෙන් නිවේදනයක් තෙල් නැතිව ෂෙඩ් වැහෙනවා කියන කතාව බොරු – ලංකා ඛනිජතෙල් සංස්ථාවෙන් නිවේදනයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2022/09/lanka.jpg)
ඉන්ධන නො මැතිව දෛනිකව ඉන්ධනහල් 300ක් පමණ වසා දැමීමට සිදුව ඇති බවට පළවන වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජතෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ අතර ඉන්ධන සඳහා මුදල් වෙත බැර කිරීමට දී තිබූ කාලය ෛඉයේ (05) දිනයේ පෙරවරු 10.30 දක්වා දීර්ඝ කර ඇති අතර, සංස්ථා බවුසර් රථවලට අමතරව පෞද්ගලික බවුසර් රථ පූර්ණ ධාරිතාවෙන් යුක්තව සේවයේ යෙදවීමට අදාල බවුසර් රථ හිමියන්ගේ සංගමය හා ඛනිජතෙල් සංස්ථාවත් එකඟතාව කට එළඹ ඇති බව ද ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසනවා.
තව ද පවතින ඉන්ධන් තොග සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන පරිදි සාධාරණ පදනමකින් යුතුව බෙදා හැරීමට අවශ්‍ය බැවින් විධිමත් කළමණාකරණයකින් යුක්තව ඉන්ධන තොග බෙදා හැරීමට ගෙන ඇති තීරණ අනුව යම් යම් තාවකාලික හා කෙටි කාලීන සීමාකම් මතු වීම සාමාන්‍ය තත්ත්වයක් බව ද ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසනවා.
(ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/09/WhatsApp-Image-2022-09-06-at-17.49.36.jpeg)