යළිත් තිරිඟු පිටි හිඟයක්

යළිත් තිරිඟු පිටි හිඟයක්

මෙරටට ඇණවුම් කරන ලද තිරිඟු තොග ලබන 15 වැනිදා දිවයිනට ලැබීමට නියමිත පසුබිමක මෙරට වෙළෙඳපොළේ යළිත් තිරිඟු පිටි හිඟයක් මතුව තිබෙනවා.

වෙළෙඳසැල් හිමියන් පෙන්වා දෙන්නේ තොග වෙළෙඳුන්ගෙන් ඉහළ මිලකට පිටි තොග ලබාගැනීමට සිදුවීම හේතුවෙන් තමන් වෙළෙඳපොලට තිරිඟු පිටි නිකුත් කිරීමෙන් වැළකී සිටින බවයි.

1960 වසරේ සිට මෙරටට තිරිඟු ආනයනය කෙරෙන අතර මේ දක්වා ඊට විශාල මුදලක් වැය කර තිබෙනවා.

පසුගිය වසරේදී පමණක් මිනිස් පරිභෝජනයට අමෙරිකා එක්සත් ජනපදයෙන් තිරිඟු මෙට්‍රික් ටොන් 139000ක් එලෙස ආනයනය කර තිබූ අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 31ක් පමණ වෙනවා.

මෙරටට තිරිඟු ආනයනය කරන රටවල් අතරට ඉන්දියාවල තුර්කියල එක්සත් අරාබි එමීර් රාජ්‍යය මාලදිවයින ආදී රටවල් අයත් වන අතර මිනිස් පරිභෝජනය සඳහා වැඩි වශයෙන් තිරිඟු ආනයනය කෙරෙන්නේ අමෙරිකාවෙන්.

ලෝක‍ තිරිඟු අවශ්‍යතාවයෙන් 80%ක්ම සපුරාලන්නේ අමෙරිකාවයි. එම අවශ්‍යතාව සපුරාලනු ලබන්නේ එරට ජනගහනයෙන් 5%ක් තරම් වන ගොවි ජනතාවක් විසින්.

පසුගිය කාලය පුරා මෙරට ජනතාව තිරිඟු පිටි මගින් නිපදවන ආහාර වෙත නැඹුරුවීම ඉහළ ගියේ සහල් මිල නොසිතූ අයුරින් ඉහළයාමත් සමඟයි.

ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කරන ලද තිරිඟු පිටි තොග මේ මස 15 වැනිදා වනවිට ලැබීමට නියමිතව තිබියදී මෙරට වෙළෙඳපොලේ යළිත් පිටි හිඟයක් මතුව තිබෙනවා.

තිරිඟු පිටි මිල සහ ඒවා සැපයීමේ අර්බුදයත් සමඟ පාන් මිල සම්බන්ධයෙන් ද පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.

තිරිඟු පිටි හිඟය හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම වෙළෙඳසැල් හිමියන්ද දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.