පිළිකා, හෘද සහ අපස්මාර රෝගීන්ගේ ඖෂධ වල හිඟයක්

හෘද සහ අපස්මාර රෝගීන්ට මෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් පී. තිලකරත්න කියා සිටියේ, පෞද්ගලික ඔසුසැල්වල ඖෂධ මිල ගණන් සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇති බව යි.
මේ අතර ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් ඊයේ (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී යි මෙම අදහස් පළ වුණේ.