විභාග පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් නැහැ – විභාග දෙපාර්තමේන්තුව

විභාග පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් නැහැ – විභාග දෙපාර්තමේන්තුව

උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනවල වෙනසක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ලබන දෙසැම්බර් මස 4 වන දිනයි.

උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වනදා ආරම්භ වී 2023 වසරේ ජනවාරි මස 2 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

ඊට අදාලව විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්.