ආණ්ඩුව පෙරළනවානම් සියලු පක්ෂ ටෙලිෆෝන් එකත් එක්ක එකතු වෙන්න ඕනේ (VIDEO)

ආණ්ඩුව පෙරළනවානම් සියලු පක්ෂ ටෙලිෆෝන් එකත් එක්ක එකතු වෙන්න ඕනේ (VIDEO)

ආණ්ඩුව පෙරළීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු සියලු පක්ෂ එක මතයක පිහිටා එක්ව කටයුතු කළ යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රශ්නය:- විපක්ෂය විදියට ඔබතුමාලා සියලු දෙනා එකතු වෙනවා කියල කිව්වට පේන්නේ නෑනේ, දැන් ප්‍රධාන විපක්ෂය සමගි ජන බලවේගය තනිව ගමනක් යනවා කියලානේ පේන්නේ

පිළිතුර:- “ආණ්ඩුව පෙරළනවා නම් ටෙලිෆෝන් එකත් එක්ක එක්කහු වෙන්න ඕනේ. මේ ආණ්ඩුවට යන්න බෑ නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කොච්චර හොඳ වුණත් එයාට යන්න දෙන්නේ නෑනේ පොහොට්ටුව. පොහොට්ටුව එයාගේ කකුලෙන් අදිනවා. ඉතින් හොඳ ම වැඩේ තමයි අලුත් මැතිවරණයකට යන එක.

ප්‍රශ්නය:- ජනතා විමුක්ති පෙරමුණ ගැන මොකද හිතන්නේ ?

පිළිතුර:- “මම වැඩිය කතා කරන්න යන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ හින්දා මම මේ හති අරින්නෙත් ඒක හින්දා තමයි. ඒගොල්ලන්ට හොඳ අනාගතයක් තිබුණා. නමුත් අරගලයේ සැබෑ අරගලකරුවන් කරපු ජවනිකාව නෙවෙයි ඒගොල්ලන් කළේ. ඒගොල්ලන් කළේ වෙන ජවනිකාවක්.”

ප්‍රශ්නය:- දැන් මහින්ද මහත්තයා යළි අගමැති කරනවා කියලා මහින්දානන්ද මහත්තයා කියනවා අලුතෙන් බලවේගයක් හදලා ?

පිළිතුර:- “බලවේගයක් නම් නෑ. ඒක බොරු. රාජපක්ෂලාගේ බලවේගය බිඳ වැටිලා ඉවරයි. රාජපක්ෂලාට ආයෙත් මට පේන තෙක් මානයේ එන්න බෑ. හැබැයි ඉදිරියේදී රාජපක්ෂ මහත්තයාව ජනාධිපතිතුමාට එයාව අගමැති කරන්න පුළුවන්. ඒක වෙන ම කතන්දරයක්. නමුත් ජනතාවගේ නම් ප්‍රසාදයක් ඇත්තේ ම නෑ.” යනුවෙන් පැවසීය.

COMMENTS