“සෙංකඩගල නුවරට වහින වැස්ස” දිනේෂ්ගෙන් අලුත් ගීතයක්

“සෙංකඩගල නුවරට වහින වැස්ස” දිනේෂ්ගෙන් අලුත් ගීතයක්

දිනේෂ් ගමගේ කියන්නේ නවක ගායන තරු අතර කැපීපෙනෙන දක්ෂතා පෙන්වූ ගායන ශිල්පියෙක් සේම සංගීත අධ්‍යක්ෂවරයෙක්. “දැනෙනාතුරු මා” ගීතයෙන් රසිකයන් අතර ජනප්‍රිය වුණු ඔහුතමරසා, වැහිබිඳු වැටෙනවා නම්, නෑසුණා, වෙරළු මල් වැනි ගීත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු ගායකයෙක්.

ඒ වගේම දිනේෂ් මේ වනවිට ක්ෂේත්‍රයේ ප්‍රවීණ, නවක ගායන ශිල්පීන් බොහෝමයකගේ ගීතවල තනු නිර්මාණ කර හමාරයි. ඉතා කෙටි කලකින් තම නිර්මාණ හැකියා විදහාපෑ මේ තරුණයා ඔහුගේ නවතම ගීතයක් ඊයේ එළිදැක්වූවා

ඒ “සෙංකඩගල නුවරට වහින වැස්ස” නම් ගීතයයි

මේ ගීතයේ පද රචනයත් ජනප්‍රිය ගී පද රචක මනුරංග විජේසේකර විසින් සිදු කර තිබීම විශේෂත්වයක්.

සංගීතය ගයාන් රැන්ඩි පෙරේරා සහ දිනේෂ් ගමගේ විසින් සිදු කර තිබුණා.

මෙම ගීතයත් රසික ජනතාව අතර ප්‍රසිද්ධ වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස පල කරනවා.

මේ ගීතය නිකුත් කර පැය කිහිපයක් වුනත් ඒ සඳහා බොහෝ ප්‍රේක්ෂක අවධානය යොමු වී ඇති අතර එය සුන්දර නිරමාණයක් වෙනවා. My newslanka හරහා අපි මෙලස එය ඔබ වෙත ගෙන එනවා.