කොළඹ පැය 14 වතුර කැපිල්ල නවත්වයි

කොළඹ පැය 14 වතුර කැපිල්ල නවත්වයි

කොළඹ 02 සිට 10 දක්වා ප්‍රදේශවලට අද රාත්‍රී 10 සිට පැය 14 ක කාලයක් සිදුකිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි.

ජල කප්පාදුව සිදු කිරීමට නියමිත වුයේ කොළඹ 02,03,04,05,07,08,09 සහ 10 යන ප්‍රදේශ සඳහා යි.