ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලා පුළුවන් නම් අයින් කරලා පෙන්වන්න
විපක්ෂයේ අය කිව්වට ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලා දහයක් ඉන්නවා, පහළොවක් ඉන්නවා එහෙම කිව්වට ඒ අයව ඉවත් කල නොහැකි බවත් පුළුවන්නම් එහෙම ඉන්න අය ඉවත් කර පෙන්වන ලෙස අභියෝග කරන බව සංචාරක කටයුතු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පවසයි.
“අවුරුදු පහක ජනවරමකින් පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රීවරයෙක් ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියලා අයින් කරන්න බැහැ. මම ඔය කෑගහන මන්ත්‍රීලට කියනවා පුළුවන්නම් ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලගෙ ලැයිස්තුව ඉදිරිපත් කරන්න, විපක්ෂයේ අය කෑගහනවා ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලා දහයක් ඉන්නවා, පහළොවක් ඉන්නවා කියලා. මම ඒ අයට අභියෝග කරනවා පුළුවන්නම් එහෙම අය අයින් කරලා පෙන්වන්න කියලා.
ඒගොල්ලො බොරුවට මාධ්‍ය සංදර්ශන තියලා ලකුණු දාගන්න හදනවා. වැඩක් කරන අයට කරන්න දෙන්නෙ නැහැ. එක එක ප්‍රශ්න ඇති කරනවා” යැයි ඩයනා ගමගේ වැඩිදුරටත් කියා සිටියාය.