කොවිඩ් කාලේ වැසුණු සිනමා ශාලා 10ක් යළි ඇරේ

කොවිඩ් කාලේ වැසුණු සිනමා ශාලා 10ක් යළි ඇරේ

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු මෙරට සිනමා ශාලා 49න් 10 ක් ලබන මාසයේ දී නැවත විවෘත කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා.

2019 වසර වන විට මෙරට විවෘතව පැවති සිනමා ශාලා සංඛ්‍යාව 191ක්.

කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වීම සහ චිත්‍රපට දර්ශණ සීමා කිරීම හේතුවෙන් ඉන් සිනමා ශාලා 49ක් වසා දැමුණා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් චිත්‍රපට සංවර්ධන අරමුදල හරහා රුපියල් ලක්ෂ තුන දක්වා වූ ණය මුදලක් සිනමාශාලා හිමියන් වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙමගින් චිත්‍රපට කර්මාන්තයේ ආදායම් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත්, චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී. ඒ කිත්සිරි සඳහන් කළා.